ලොව බලසම්පන්න ආර්ථිකට හිමිකම් කියාන බ්‍රිතාන්‍යය මේ දිනවල දැඩි ඉන්ධන හිගයකට මුහුණ දී සිටිති.
මෙම ඉන්ධන හිගයට හේතු වී ඇත්තේ එරට ඉන්ධන ප්‍රවාහනය කරන ලොරි රියදුරන්ගේ හිඟයක් නිසා වෙන් වන අතර ඊට පිළියමක් ලෙස විදෙස් ලොරි රියදුරන් සඳහා තාවකාලික වීසා නිකුත් කිරීමට ද බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.
ඒ අනුව සංක්‍රමණික නීති කෙටිකලක් සඳහා සංශෝධනය කිරීමට ඉඩ ඇති බවත් එරටට ඇතුළු විය හැකි විදෙස් සේවකයින් ගණන සඳහා සීමාවක් පැනවීමටත් තීරණය කෙරෙතැයි එරට මාධ්‍ය පැවසීය. තාවකාලික වීසා 5,000ක් පමණ නිකුත් කෙරෙනු ඇතැයිද පැවසේ.
රියදුරන් හිඟවීම හේතුවෙන් මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඉන්ධන ප්‍රවාහනයට බාධා මතුවී ඇති අතර ඉන්ධන නොමැති වීම හේතුවෙන් සමහර ඉන්ධන පිරවුම්හල් වසාදමා ඇති අතර සමහර ප්‍රදේශවල දිගු පෝලිම් නිර්මාණය වී ඇතැයි ද සඳහන් වේ.
නමුත් රට තුළ අවශ්‍යතරම් ඉන්ධන තොග ඇති බැවින් කලබල නොවන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීම් කරයි.
මේ වනවිට භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ සඳහා රියදුරන් 100,000ක පමණ පුරප්පාඩු ඇති බව වාර්තා විය.
මේ වන විට බ්‍රිතාන්‍යයේ භාණ්ඩ ප්‍රවාහන ලොරි රථ රියැදුරන් ගේ හිගයක් මතු වී ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය සේම බ්‍රෙක්සිට් සහ වානිජ ක්‍රම වල කලක් තිස්සේ පවතින ගැටලුද ඊට හේතුවි ඇත.
පසුගිය වසංගත කාලය තුළ එම රියදුරන් 70,000ක් පමණ එම රැකියා වලින් ඉවත් වී ඇත්තේ හෝම් ඩිලිවරි වැනි විකල්ප වලට යොමු වෙමිනි.එම පිරිසෙන් 12,500ක් පමණ යුරෝප සංගම් වැසියන් වන බවද පැවසෙති.
බ්‍රෙක්සිට් ගිවිසුම හේතුවෙන් යුරෝපා සංගමයට අයත් රටවල භාණ්ඩ ප්‍රවාහානි ලොරි රියදුරටන් නව දේශ සිමා වලට යටත් වීම සිදු වී ඇති හෙයින් බ්‍රිතාන්‍යයේ රැකියා වීසා ලබා ගැනීම මේ වන විට දැඩි අපහසු කාර්යයක් ද වී ඇත.
(ගාඩියන් අසුරෙනි)