තායිලන්තයේ බැංකොක් අගනුවර ජලයෙන් යටවීමේ අවදානමක් ඇතැයි රජය අනතුරු අඟවා තිබේ.
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ගංගා පිටාර ගැලීමෙන්, තායිලන්තයේ උතුරු සහ මධ්‍යම පළාත් රැසක් මේ වනවිට ජලයෙන් යටවී අවසන්ය. නිවාස ලක්ෂ 7 ක් පමණ ජලයෙන් යට වී ඇති බව පැවැසෙයි.
තායිලන්තය මෙසේ ජලයෙන් යටවූයේ 'දියන්මු' සුළි කුණාවේ බලපෑම නිසාය. බැංකොක් අගනුවර මැදින් ගලා බසින්නේ චාඕ ප්‍රායා ගංගාවය. එම ගංගාව මේ වනවිට පිරී ඉතිරී යමින් පවතී. ඒ අනුව බැංකොක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 6 කි.
තායිලන්තයේ ඉපැරණි නගරයක් ලෙස සැලකෙන්නේ අයුත්තායා ප්‍රාන්තයේ අයුත්තායා නගරයයි. මෙම නගරයේ ඇති ඉපැරණි පුරාවස්තු සහ නටබුන් ජලයෙන් යටවී ඇති බවත් ඒවා විනාශවීමේ අවදානමක් ඇති බවත් තායිලන්ත ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව බිය පළ කර තිබේ.
(රොයිටර්)