බැංකොක් වාතය විෂවෙලා


තායිලන්තයේ බැංකොක් අගනුවර වායු දූෂණය ඉහවහා ගොස් ඇතැයි එරට බලධාරීන් අනතුරු අඟවා තිබේ.

හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි තායිලන්ත රජය බැංකොක් වැසියන්ට දැනුම් දී ඇති අතර අගනුවර පාසල් ද වසා දමා ඇත.

බැංකොක් අගනුවර පමණක් නොව කායිලන්තයේ තවත් ප්‍රධාන නගර කීපයක වාතය දූෂණය වී ඇතැයි ඒරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)