බැක්ටීරියා ආසාදනයක්: වඳුරෝ මැරිලා


හොංකොං හි සත්වෝද්‍යානයක වඳුරන් 11 දෙනකු මියගොස් ඇත.

වඳුරන් මිය‍ගොස් ඇත්තේ මෙලියොයිඩෝසිස් නමැති බැක්ටීරියාව හේතුවෙන් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම බැක්ටීරියාවේ බලපඍම මනුෂ්‍යයන්ට ද ඇති බැවින්, හොංකොං සත්වෝද්‍යානයේ ක්ෂීරපායී සතුන් වෙනුවෙන් වෙන් කළ කොටස මේ වනවිට නරඹන්නන් සඳහා වසා දමා තිබේ.