බුර්කිනා ෆාසෝ ජනපති හමුදා අත්අඩංගුවේ


බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුණු බවත් ජනාධිපති රෝච් කබෝරේ මේ වනවිට හමුදා අත්අඩංගුවේ පසුවන බවත් එරට මාධ්‍ය වාර්තා කරයි.

බුර්කිනා ෆාසෝ බටහිර අප්‍රිකානු රාජ්‍යයකි. අත්අඩංගුවට ගත් ජනාධිපති රෝච් කබෝරේ මේ වනවිට කැරැලිකාර හමුදා සොල්දාදුවන්ගේ රැදවුම් භාරයේ පසුවන බව ද පැවැසෙයි.

බුර්කිනා ෆාසෝ හමුදා බැරැක්කවල අවි ගැටුම් හටගත්තේ පසුගිය සති අන්තයේය. ඒත් එම අවස්ථාවේදී රජය කියා සිටියේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමට උත්සාහ නොගන්නා බවය.

හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන් සහ සොල්දාදුවන් අතරේ එම අවි ගැටුම් සිදුවුණු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

රටේ අන්තර්ජාල සේවා සහ සන්නිවේදන කටයුතු අඩපණ කර දැමීමට ද කුමන්ත්‍රණයට සම්බන්ධ හමුදා ප්‍රධානීන් පියවර ගෙන ඇතැයි ද පැවැසෙයි.

(බීබීසී)