බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක්


වසර 30 කට පසු, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් විවෘත කෙරුණි.

මීට පෙර, බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ රුසියන් තානාපති කාර්යාලයක් පිහිටුවා තිබුණේ සෝවියට් සමූහාණ්ඩුව පැවැති අවධියේදීය. තානාපති සබඳතා බිඳ වැටු​ණේ සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පසුවය.

බුර්කිනා ෆාසෝ අප්‍රිකා රාජ්‍යයක් වන අතර, අතීතයේ ප්‍රංශ යටත් විජිතයකි. 2022 වසරේ, බුර්කිනා ෆාසෝ හමුදාව කුමන්ත්‍රණය කරමින් රටේ බලය අල්ලා ගත්තේය.

බුර්කිනා ෆාසෝ හමුදා ජුන්ටාව, ප්‍රංශය සමඟ සියලු සබඳතා අත්හිටුවූයේ, ප්‍රංශ හමුදා කඳවුරු ඉවත් කර ගන්නැයි ද දන්වමිනි. බුර්කිනා ෆාසෝ හමුදා පාලකයන්, රුසියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීම සිදුවූයේ ඉන්පසුවය.