බෙන්ස් රථයක් මිලියන 143 කට අලෙවි කෙරේ


මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කළේය.

ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 ක මුදල ඉතිහාසයට එක් වූවේය.

මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී මැයි 5 වෙනි දින මෙම වෙන්දේසිය පවත්වා ඇත.මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථ නිපදවා ඇත්තේ දෙකක් පමණි.

මැයි 5 වෙනි දින රහසිගතව මෙම වෙන්දේසිය පවත්වා ඇති අතර අලෙවි කර සති දෙකකට පසු  මර්සිඩීස් බෙන්ස් සමාගම  ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් අලෙවි වූ බව නිවේදනය කළේය.

(බීබීසී)