අප්‍රිකාවට අයත් බෙනින් රාජ්‍යයේ, ඉන්ධන ගබඩා සංකීර්ණයක ගින්නක් හටගත්තේය. ගිනින්ට බිලිවුණු ගණන 35 කි.
තවත් 20 දෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව ද පැවැසෙයි.
ගින්න හටගත් ඉන්ධන ගබඩාව ඇත්තේ නයිජීරියා දේශසීමාව අසල සෙමේ-පොඞ්ජේ නමැති නගරයේය.
ඉන්ධන ගබඩාව අසල නවතා තිබුණු මෝටර් රථ සහ යතුරු පැදි සැණින් ගින්නට හසුවුණු බව සිද්ධිය දුටුවෝ පවසති. මියගිය 35 දෙනා අතරේ කුඩා දරුවෙක් ද සිටී.