බොරිස් ජොන්සන් යුක්රේනයේ


බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුක්‍රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යඅග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරද්දී, ජොන්සන් අවස්ථා ගණනාවකදී යුක්රේනයට ගොස් යුක්රේන ජනාධිපති සෙලෙන්කී හමුවී සාකච්ඡා පැවැත්වීය.

කීව් අගනුවරට යළි පැමිණි හිටපු අග්‍රාමාත්‍ය ජොන්සන් උණුසුම් අයුරින් පිළිගැනීමට යුක්රේන ජනාධිපති කටයුතු කළේය. රුසියන් ප්‍රහාරවලින් සිදුවන හානිය විමසා බැලීමට ද ජොන්සන් අමතක නොකළේය.

වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ද යුක්රේනයට සහාය ලබා දෙයි. පසුගිය දා බ්‍රිතාන්‍ය හමුදාව සතු අති නවීන ප්‍රබලතම යුද ටැංකි ද යුක්රේනයට ලබා දීමට ද රිෂී සුනාක් ප්‍රමුඛ රජය කටයුතු කර තිබේ.

(රොයිටර්)