බොලිවියාවේ ගුවන් අනතුරකින් 06ක් මරුට


බොලිවියාවේ ගිණිකොණදිග ට්‍රිනිඩෑඩ් ආසන්නයේ දී සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් 06දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ස්පාඤ්ඤ පුරවැසියන් සිව් දෙනකු සහ ගුවන් නියමුවන් දෙදෙනා මෙම අනතුරින් මියගිය බව එරට ගුවන් හමුදාව පවසයි.

සැන්ටා කෲස් වෙත මගීන් ගෙනයන යානයක් මෙලෙස කඩා වැටී ඇති අතර කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් පෙරළා තම රටවලට යන පිරිසක් යානයේ ගමන් කර ඇත.

වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමේ පියවරක් ලෙස මේ වනවිට බොලිවියාවේ දේශසීමා වසා දමා තිබේ.

එන්ජිම ක්‍රියාවිරහිත වීම හේතුවෙන් යානය කඩා වැටී ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

බොලිවියානු ගුවන් හමුදාව පවසන්නේ සිද්ධිය සම්බන්දව විමර්ශනය කරමින් පවතින බවයි.

බොලිවියාවේ මේ වනවිට කොරෝනා වයිරස රෝගීන් 1 470ක් වාර්තා වි ඇති අතර මරණ 71ක් සිදුවී තිබේ.

රෝගීන් 159දෙනකු සුවය ලබා තිබේ.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)