බොලිවුඩ් නළු ධලිප් තහිල්ට සිර දඬුවම්


බොලිවුඩ් නළු ධලිප් තහිල්ට, මාස දෙකක සිර දඬුවමක් නියම කිරීමට ඉන්දීය අධිකරණය තීරණය කර තිබේ. ඒ, 2018 වසරේ දී බීමතින් රිය පදවා, කාන්තාවක අනතුරට පත් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වීමෙනි.

අගතියට පත්වුණු එම කාන්තාවට වන්දි මුදලක් ගෙවීමට ද ධලිප් තහිල්ට අධිකරණය නියෝග කර ඇතැයි ද ඉන්යදී මාධ්‍ය පෙන්වා දෙයි.

ධලිප් තහිල් වඩාත් ප්‍රසිද්ධ දුෂ්ඨ චරිතවලට පණ පෙවීමෙනි.

(ටයිම්ස් ඔෆ් ඉන්දියා)