භූමි කම්පාවෙන් 5 ක් මරුට


පැපුවා නිව් ගිනියාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාව හේතුවෙන් ප්‍රදේශ රැසකින් නායයෑම් වාර්තා විය.

පැපුවා නිව් ගිනියා රජය නිකුත් කළ වාර්තාවල දැක්වෙන්නේ භූමි කම්පාවෙන් මියගිය ගණන 5 ක් බවය. තුවාල ලැබූ 30 කට වැඩි පිරිසක් රෝහල්වල ප්‍රතිකාර ලබන බව ද පැවැසෙයි.

භූමි කම්පාවෙන් දරුණු හානි සිදුවී ඇත්තේ කයිනාටු නමැති නගරයට බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(රොයිටර්)