තුර්කියට බලපෑ ප්‍රබල භූමි කම්පාවලින් දකුණු දෙසින් පිහිටි ගම්මානයක් දෙකඩ වී ඇතැයි වාර්තා වේ.
භූමි කම්පාවෙන් සිදුවුණු ඉරිතැලීම්වලින් ගම්මානය මැද ආවාටයක් නිර්මාණය වී ඇතැයි ද පැවැසෙයි.
ඩෙමිකොප්රු නමැති මෙම ගම්මානයේ දහසකට ආසන්න පිරිසක් ජීවත් වූහ.
භූමි කම්පාවෙන් නගරයේ නිවාස සහ ගොඩනැගිලි සියල්ල මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි.
පසුගිය පෙබරවාරි 6 වැනිදා සහ 7 වැනිදා තුර්කියට පමණක් නොව සිරියාවට ද ප්‍රබල භූමි කම්පා දෙකකින් සහ අතුරු භූමිකම්පා 120 කින් පමණ බලපෑම් එල්ල විය. මේ වනවිට භූමි කම්පාවලින් මියගිය ගණන 44,000 පසු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
(රොයිටර්)