භූමි කම්පාවෙන් මියගිය ගණන 1000 පසු කරයි


ඇෆ්ගනිස්තානය කැලැඹූ ප්‍රබල භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 1000 ඉක්මවා ඇත. භූමි කම්පාව හටගත්තේ පසුගිය සති අන්තයේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළේය.

ගම්මාන රැසක් මුළුමනින්ම බිමට සමතලා වූ බව වාර්තා විය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බවත් විපතට පත්වුණු ඇෆ්ගන් වැසියන්ට කඩිනමින් ආධාර අවශ්‍ය බවත් ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත.

විපතට පත්වූවන් වෙනුවෙන් මේ වනවිට ඇෆ්ගන් තලේබාන් රජයට චීනයෙන් ඇමෙරිකන් ඩොලර් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇතැයි පැවැසෙයි.