තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 25,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය. තුර්කියේ පමණක් මියගිය ගණන 21,000 ඉක්මවා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි. දින පැය 100 කට වඩා වැඩි ගණනක් සුන්බුන් අතරේ සිරවීී සිටි යුවතියක මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. කෙසේ නමුත් රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගිය බව ද පැවැසිණි.
භූමි කම්පාවෙන් හානියට පත්වුණු ඇන්ටක්යා නගරයේ නිවාස සහ වෙළෙඳසැල් සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට පොලිසියට සිදුවී ඇතැයි ද වාර්තා වේ. භූමි කම්පාවෙන් හානි සිදුවුණු පළාත්වල හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කර තිබේ.
විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ලබා දීමට ද තුර්කි ජනාපධිතිවරයා ප්‍රතිඥා දී ඇත.
(රොයිටර්)