(විමුක්ති එස් රුද්‍රිගු)
සිසිලි දූපත ආසන්නයේදී පසුගිය සඳුදා දින මුහුදුබත් වූ සුපිරි යාත්‍රාවේ සුන්බුන් අතර තිබී බ්‍රිතාන්‍යයේ තාක්ෂණික ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන 59 හැවිරිදි මයික් ලින්ච්ගේ සිරුර සොයාගත් බව ඉතාලි වෙරළ ආරක්ෂකයන් ප්‍රකාශ කළේය.
සුපිරි යාත්‍රාව ගිලෙන අවස්ථාවේ 22 දෙදෙනකු එම යාත්‍රාව සිටි අතර 15 දෙනකු මුදා ගැනීමට සහන කණ්ඩායම් සමත්විය. මේ වනවිට අනතුරෙන් සය දෙනකු මියගොස් ඇති අතර තවත් එක් කාන්තාවක් අතුරදන් වී ඇත. තවමත් මුදා ගැනීමේ කණඩායම්වලට සොයා ගැනීමට නොහැකි එම කාන්තාවගේ අනන්‍යතාවය මෙතෙක් හෙළිවී නොමැති අතර එම කාන්තාව මයික් ලින්ච්ගේ 18 හැවිරිදි දියණිය දැයි සැකයක් පවතින බව තාලි වෙරළ ආරක්ෂකයන් පැවැසුවේය.
මෙම සුපිරි යාත්‍රාව කෙදිනකවත් මුහුදුබත් කළ නොහැකි යාත්‍රාවක් ලෙස එහි නිර්මාණකරුවන් හඳුන්වා තිබූ බවද පැවැසෙයි. මෙම යාත්‍රාවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රී ලාංකිකයකුද සේවය කළ අතර එම ශ්‍රී ලාංකිකයාව මුදා ගැනීමේ කණ්ඩායම් විසින් බේරා ගෙන තිබිණි.
මයික් ලින්ච්ට එරෙහිව ගොනුකර තිබූ වංචා චෝදනාවලින් පසුගියදා අධිකරණය ඔහුව නිදොස් කොට නිදහස් කළ අතර එය සැමරීම සඳහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සුපිරි යාත්‍රාවේ සාදය සංවිධානය කර තිබ