මරණ දඩුවම අනිවාර්ය නැහැ


මැලේසියාවේ මිනීමැරීම සහ ත්‍රස්තවාදය ඇතුළු අපරාධ කිහිපයකට ලබාදෙන අනිවාර්ය මරණ දඬුවම, අහෝසි කරන බව මැලේසියානු රජය නිවේදනය කළේය.

එම අපරාධ වලට වරදකරුවන් වන චූදිතයන්ට ලබා දීමට සුදුසු දඬුවම තීරණය කිරීමේ බලය විනිසුරුවන්ට ලබා දෙන බව මැලේසියානු රජය ප්‍රකාශ කළේය.

මරණ දඬුවම වෙනුවට ලබා දිය හැකි දඬුවම් සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් මැලේසියානු රජය කැඳවා ඇති අතර එය සමාලෝචනය කිරීමෙන් අනතුරුව අපරාධ 11 ක් සඳහා ලබා දෙන අනිවාර්ය මරණ දඬුවම වෙනුවට දිය හැකි විකල්ප දඬුවම් යෝජනා කරන බව මැලේසියානු අධිකරණ අමාත්‍ය වන් ජුනෙයිඩි තුනාකු ජෆර් ප්‍රකාශ කළේය.

(රොයිටර්)