යුක්රේනයේ මරියුපෝල් නගරය මුළුමනින්ම අත්පත් කරගත් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.
රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා මරියුපෝල් නගරය වට කර ඇත්තේ, ‘මැස්සකුටවත් පිටතට යෑමට හෝ ඇතුළු වීමට හෝ නොහැකි වන ආකාරයටය.
මරියුපෝල් යුක්රේනයේ වෙරළාශ්‍රිත නගරයකි. වානේ කම්හල් බොහොමයක් ඇත්තේ මෙම නගරයේය. මරියුපෝල් නගරයට ඔබ්බෙන් ඇත්තේ අසෝව් මුහුදය. රුසියාව අසෝව් මුහුදින් ද නගරය අත්පත් කර ගැනීමට පහර දුන්නේය.
මරියුපෝල් අත්පත් කර ගනිද්දී, යුක්රේන සොල්දාදුවන් 2,000 දෙනකු නගරයේ කොටුවුණු බවත් රුසියන් හමුදා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවත් රුසියන් පුවත් සේවා වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)