මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස චක්වෙරා මහතා දිවුරුම් දෙයි


මලාවි රාජ්‍යයේ නව ජනාධිපතිවරයා ලෙස ලාසරස් චක්වෙරා මහතා දිවුරුම් දී තිබේ.

පසුගිය අඟහරුවාදා දෙවන වරටත් පැවති මැතිවරණයේදී සිය ප්‍රතිවාදියා වූ පීටර් මුතරිකා නම් පූජකවරයා පරාජයට පත්කරමින් 58.57%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ලාසරස් මහතා ජනාධිපති ධූරයට තේරී පත්විය. 

2019 මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් මුතරිකා මහතා ජය ලැබූවද  එහිදී මැතිවරණ අක්‍රමිකතාවක් සිදුවූ බවට අධිකරණය විසින් තීන්දු කිරීම හේතුවෙන් නැවතත් මැතිවරණයක් පවත්වන ලදී.

පෙන්තකොස්ත දේශකයෙකු සහ හිටපු දේවධර්ම කතිකාචාර්යවරයෙකු වන චක්වෙරා මහතාට මාස ගනනක දේශපාලන නොසන්සුන්තාවයෙන් පෙළුණු මලාවි රාජ්‍යයේ අනාගතය සකස් කිරීමේ දැවැන්ත අභියෝගයක් පවතින බව මාධ්‍ය වාර්තා කර ඇත.

රට එක්සත් කිරීමට සහ දුප්පත්කමට එරෙහිව සටන් කිරීමට පොරොන්දු වන බව චක්වෙරා මහතා දිවුරුම් දිමෙන් පසු සිදුකළ කථාවේදී පවසා තිබේ.

(බීබීසි ඇසුරිණි - 085)