මහ මැතිවරණයකට ඕස්ට්‍රේලියාව සූදානම්


ඕස්ට්‍රේලියා මහ මැතිවරණය ලබන මැයි 21 වැනිදා පැවැත්වීමට එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් තීරණය කර තිබේ.

මොරිසන්ගේ කොන්සවර්ටිව් රජය යටතේ, ඕස්ට්‍රේලියාව පසුගිය වසර කීපයේ දරුණු ජල ගැලීම්, ළැව්ගිනි සහ ‘කොවිඩ් 19’ වසංගතයට මුහුණ දුන්නේය.

‘කොව්ඩ් 19’ වසංගතය හේතුවෙන් ඕස්ට්‍රේලියානු වැසියන් මහත් සේ පීඩාවට පත්වුණු අතර රට ආර්ථික අර්බුදයකට ද මුහුණ දුන්නේය.

‘මා දන්නවා ඕස්ට්‍රේලියානුවන් බොහෝ දෙනකුට ජීවත් වීම දුෂ්කර වුණා. අභියෝග රැසකට මුහුණ දෙන්න සිද්ධ වුණා. අභියෝග ඉදිරියටත් තියේවි. ඒත් අප ඊට මුහුණ දෙන්න සූදානම්. මේ මැතිවරණය ඔබ වෙනුවෙන්. ඔබේ අනාගතය වෙනුවෙන්’ යැයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර තිබේ.

(රොයිටර්)