දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීමට ලක්ෂ ගණනක් ලන්ඩන් අගනුවරට රැස්වුණු අතර, ඒ මහා ජන සමූහය චන්ද්‍රිකා ඡායාරූපවලින් ද පැහැදිලිව දැක ගැනීමට හැකිවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මහ රැජිනගේ අවසන් කටයුතු ඉතා ගාම්භීර අන්දමින් ඊයේ (19) පැවැත්විණි. ඒ, වෙස්ට්මිනිස්ටර් ශාලාවේ සිට වෙස්ට්මිනිස්ටර් දේවස්ථානය දක්වාත් පසුව වින්ඩ්සර් මාලිගය දක්වාත් හමුදා ගෞරව මැද රිය පෙරහරකින් රැගෙන යමිනි. ලක්ෂ ගණනක් දෙනා මඟ දෙපස රැස්වී සිටියේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාය.
(රොයිටර්)