චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත.
ඒ, චීනයේ සිටිද්දී, චීනයට එරෙහිව ඔත්තු බැලූ බවට චෝදනා නගමින්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් නමැති මහාචාර්යවරයා එම චෝදනාවලට වරදකරු කරමිණි.
ඔත්තු බැලූ බවට චෝදනා කරමින් චීන බලධාරීන්, ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් අත්අඩංගුවට ගත්තේ මීට වසර පහකට පෙරය.
එල්ල වන සියලු චෝදනා ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් ප්‍රතික්ෂේප කර තිබේ. ආචාර්ය යැන්ග් හෙන්ග්ජුන් කතුවරයකු මෙන්ම, චීන දේශපාලන කටයුතු සම්බන්ධ විද්වතෙකි.
(ඒ.එෆ්.පී.)