ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ, යුරෝපා රටවල් අනුගමනය කරන්නේ නම් සෑම වසරකම වායු දූෂණය හේතුවෙන් සිදුවන මරණ දෙලක්ෂ 38,000 ක් පමණ වළක්වා ගත හැකි බව යුරෝපා පරිසර ඒජන්සිය එළිදැක්වූ වාර්තාවක වෙයි.
වායු දූෂණය සම්පූර්ණයෙන්ම වළක්වා ගැනීමට හැකිවන්නේ නම්, මරණ ලක්ෂ 4 කට වඩා වැඩි ප්‍රමාණයක් වළක්වා ගත හැකි බව ද එම වාර්තාවේ දැක්වෙයි.
පසුගියදා යුරෝපා සංගම් කවුන්සිලය රැස්වුණු අතර, 2030 වසරේ සිට වායු දූෂණය අවම කරගැනීමට සඳහා නව නීති සකස් කිරීමට එකඟ වූ බවය. ප්‍රංශය පෝලන්තය, ඉතාලිය, ඔස්ට්‍රියාව, බෙල්ජියම, ස්පාඤ්ඤය, ඩෙන්මාර්කය ඇතුලු රටවල් 27 ක් යුරෝපා සංවිධානයට අයත් වෙයි.