ඉන්දියාව සමඟ පළුදු වුණු සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර් නවදිල්ලි අගනුවරට පැමිණියේය. මෙය මාලදිවයින විදේශ අමාත්‍ය මූසා සමීර්ගේ පළමු විදෙස් සංචාරය සහ පළමු ඉන්දීය සංචාරය ද වෙයි.
අසල්වැසියන් වුවත් ඉන්දියාවත් මාලදිවයිනත් අතර අර්බුදයක් පවතී. ඒ, මාලදිවයිනේ ජනාධිපති මොහොම්මඞ් මුයිසු චීන හිතවාදියකු වීම නිසාය.
චීනයට ළං වෙමින්, මුයිසු ඉන්දියාව දැඩි ලෙස විවේචනය කළේය. මාලදිවයිනේ රැඳී සිටි ඉන්දීය හමුදා සෙබළුන් පවා ආපසු ඉන්දියාවට පිටත් කර හැරියේය. මෙය මාලදිවයිනත් ඉන්දියාවත් අතරේ ඇයිහොඳයිකම් පළුදු වීමට හේතුවක් විය.