මාලදිවයිනට එන්නැයි අගමැති මෝදිට ඇරැයුම්


මාලදිවයිනේ නිල සංචාරයකට පැමිණෙන්නැයි මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කළ අතර, අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එම ඇරැයුම පිළිගත් බව පැවැසෙයි. 

ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදි ලබන වසරේ නිල සංචාරයකට යෑමට නියමිත බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමේ අරමුණින්, මාලදිවයින ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයකට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මාලදිවයින ජනාධිපතිවරයාගේ බිරිඳ සජීදා ද මෙම සංචාරයට එක් වී සිටින්නීය.

 (එන්.ඩී.ටීවී.)