මාලදිවයිනට නව ජනාධිපතිවරයෙක්


මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන් විපක්ෂ නායක මොහොමඩ් මුයිසු ජයග්‍රහණය කළේය. ඒ අනුව මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා වනු ඇත්තේ 45 හැවිරිදි මුයිසුය.

මුයිසු දිනූ ඡන්ද ප්‍රතිශතය සියයට 54 ක් බව පැවැසෙයි. මුයිසු මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කර තිබේ. මුයිසු චීන හිතවාදියෙකි.

ජනාධිපතිවරණයේ දෙවැනි වටයේ දී, මුයිසු සමඟ තරග වැදුණු මාලදිවයින ජනාධිපති 61 හැවිරිදි ඊබ්‍රහීම් සෝලී, පරාජය බාර ගනිමින් මුයිසු ට සුබ පතා තිබේ. ඊබ්‍රහීම් සෝලී ඉන්දීය හිතවාදියෙකි.