බටහිර අප්‍රිකානු රටක් වන මාලි රාජ්‍යයේ ස්ථාන තුනකට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් 30 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර සෙබලුන් 9දෙනකු ද සිටින බව බලධාරීහු පවසති.
මධ්‍යම මාලිහි ෆුලානිස් ගෝත්‍රික ගම්මානයකට පහරදුන් තුවක්කුකරුවන් පිරිසක් ගම්වැසියන් 20 දෙනකු මරාදමා ඇත.
එහිදි ඔවුන් සිදුකළ ගිනි තැබීම් නිසා නිවාස, බෝග සහ පශු සම්පත් ද විනාශ වී තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම කිසිවකු බාරගෙන නොමැති නමුත් ගම්වැසියන් පවසන්නේ රජයේ හමුදා ප්‍රදේශයෙන් ඉවත්වී පැය කිහිපයකට පසු තුවක්කුකරුවන් පහරදුන් බවයි.
ගාවෝ පළාතේ බින්ටියා ගම්මානයේ හමුදා භට පිරිසක් වෙත සැඟවී සිට එල්ල කළ ප්‍රහාරයකින් සොල්දාදුවෝ 8දෙනෙක් මියගියහ.
එම පළාතේම මොන්ඩෝරෝහි හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් ද සෙබලෙකු මියගොස් ඇත.
2012 වර්ෂයේ සිට මාලි දේශයේ ගැටුම් පවතින අතර එක්සත් ජාතීන්ගේ සාම සධක හමුදා භටයින් 13000ක් පමණ මාලිහි මෙහෙයුම් වල නිරත වේ.
එහෙත් අසල්වැසි බර්කිනා ෆාසෝ සහ නයිජර් රාජ්‍යයන් වෙත ද පැතිරී ඇති ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට අරගල කිරීම හේතුවෙන් දහස් ගනනකගේ ජීවිත මේවනවිට අහිමි වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)