මාලි රාජ්‍යයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 20 ක් තුවාල ලබති


මාලි රාජ්‍යයේ මධ්‍යම ප්‍රදේශයේදී එල්ලවූ ප්‍රහාරයකින් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

රොයිටර් පුවත් සේවය පවසන්නේ ඩුවෙන්ට්සා නගරය අසල පිහිටි සාම සාධක භටයන්ගේ කඳවුරකට ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

අල්කයිඩා හා ඉස්ලිම් රාජ්‍ය සංවිධානය සමග සම්බන්ද සටන්කාමී කණ්ඩායම් නිරතුරුවම සාම සාධක භටයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන නමුත් මෙම ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතක් අනාවරණය වී නොමැත.

මෙහෙයුම් ප්‍රධානී සල්ගාඩෝ පවසන්නේ ප්‍රහාරය තරයේ හෙලා දකින බවය.

තුවාලකරුවන්ට ප්‍රතිකාර කිරීම සඳහා සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙසද ඔහු නියෝග කර තිබේ.

මේ වනවිට මාලිහි එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයෝ 14,000 ක් පමණ සිටිති. ඔවුන් 2013 වසරේ සිට සේවයේ යොදවා තිබේ.

(රොයිටර් පුවත් ඇසුරිණි)

085