මාස 6 කට පසු චීනයෙන් ‘කොවිඩ් 19’ මරණයක් වාර්තා වෙයි. මියගොස් ඇත්තේ 87 හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහු බෙයිජීං අගනුවර වැසියකු බවත් චීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
චීනය ‘කොවිඩ් 19’ වයිරසය පාලනය කරන්නේ දලදඬු සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක කරමිණි. ආසාදිතයකු වාර්තා වුවහොත්, පළාත් සහ නගර මුළුමනින්ම ලොක්ඩවුන් කර, සියලු දෙනා ‘කොවිඩ් 19’ පරීක්ෂණවලට යොමු කර ආසාදිතයන් හඳුනා ගැනීම චීනයේ ‘කොවිඩ් 19’ ප්‍රතිපත්තියයි.
චීන රජයේ මෙම දලදඬු සෞඛ්‍ය නීති වැසියන්ගේ දැඩි අප්‍රසාදයට පවා හේතුවක් වී තිබේ. ගතවුණු පැය 24 ඇතුළත චීනයෙන් වාර්තා වුණු නව ආසාදිතයන් ගණන 24,000 ක් බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)