මාස 6කට පසු ටජ්මහල විවෘත කරයි


ඉන්දියාවේ සුප්‍රකට ඓතිහාසික ස්ථානයක් වූ ටජ් මහල් ප්‍රාසාදය සංචාරකයන්ට යළි විවෘත කර තිබේ.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා ඉකුත් මාර්තු මාසයේදී ඉන්දියාව අගුළු දැමූ කාලයේ දී ටජ්මහලට සංචාරකයන් පැමිණීම නවතාලමින් එය වසාදැමිණි.

මේ වනවිට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, සංචාරකයන් කැඳවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර, දිනකට සංචාරකයන් 5,000ක් පමණක් පිවිසීම දක්වා එය සීමා කර ඇත.

කොරෝනා වයිරසය ව්‍යාප්තියට පෙර, දිනකට සංචාරකයෝ 70,000ක් පමණ එහි රැස් වූහ.

සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව අවධානය යොමුකළ නිලධාරීන් මෙම ස්ථානයේ දී කණ්ඩායම් වශයෙන් ඡායාරූප ගැනීම තහනම් කර තිබේ.

(බීබීසී ඇසුරිනි)
16844