මාස හයකට පසු චීන සිනමාහල් ඇරේ


කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු චීනයේ සිනමා ශාලා ලබන සතියේ සිට නැවත විවෘත කිරීමට අවසර දී තිබේ. 

නව ආසාදිතයින් වාර්තා වීම අඩු වෙමින් දෛනික කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම හේතුවෙන් සිනමා ශාලා විවෘත කිරීමට චීන රජය අවසර ලබා දී ඇති බව සඳහන් වේ.

සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම ඇතුළු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද, අනුගමනය කරමින් සිනමා ශාලා විවෘත කිරීමට අවසර දී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 
ආසන ධාරිතාවයෙන් සියයට 30ක පමණ පිරිසකට සිනමා ශාලා තුළට ප්‍රවේශ වීමට අවසර හිමිවන අතර මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කර තිබේ. 


2019 දෙසැම්බර් මාසයේ චීනයේ හුබෙයි ප්‍රදේශයෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයින් වාර්තා විය. පසුව එය ලොව අනෙක් රටවලට ද පැතිර ගියේය.


(125)

( ෂින්හුවා ඇසුරෙනි)