මැක්රොන්-ලා පෙන් ඉදිරියෙන්


ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටය ඊයේ (10) පැවැත්වුණු අතර අපේක්ෂකයන් 12 දෙනකු ඊට ඉදිරිපත් විය.

ඔවුන් අතරින් වැඩිම ඡන්ද ප්‍රතිශත දිනා ගනිමින් ඉදිරියට පැමිණිමට වත්මන් ජනාධිපති මධ්‍යස්ථමතධාරී ඉමැනුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික මතධාරී මැරීන් ලා පෙන් සමත් වූහ.

ඒ අනුව, ලබන 24 වැනිදා ජනාධිපතිවරණයේ දෙවැනි වටය පැවැත්වෙන්නේ මැක්රොන් සහ ලා පෙන් අතරේය.

මැක්රොන් සියයට 29.5 ක ඡන්ද ප්‍රතිශතයක් ද ලා පෙන් සියයට 24.4 ක ඡන්ද ප්‍රතිශතයක් ද දිනා ගැනීමට සමත් විය.

තෙවැනි ප්‍රබල අපේක්ෂකයා බවට පත්වූයේ අන්ත වාමාංශික අපේක්ෂක ජෝන් ලූක් මෙලෙන්කොන්ය. ඒ, සියයට 20 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි.

දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, මැක්රොන් ට යළිත් ජනවරමක් හිමිවනු ඇති බවය.

(රොයිටර්)