ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජනාධිපති ඉමානුවෙල් මැක්රෝන් ජයග්‍රහණය කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නොසතුට පළ කරමින් මැක්රොන් විරෝධීහු පිරිසක් පැරිස් නුවර විරෝධතා පැවැත්වූහ.
විරෝධතා ප්‍රචණ්ඩ වෙද්දී, විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේ කඳුළු ගෑස් භාවිතයට ගනිමිනි. විරෝධතා සඳහා එක්වුණු වැඩි දෙනා සරසවි සිසුන් යැයි ද පැවැසෙයි.
ඊයේ (24) පැවති ජනාධිපතිවරණයේ දෙවැනි වටය ජයග්‍රහණය කරමින් දෙවැනි වතාවටත් ප්‍රංශ ජනාධිපතිවරයා ලෙස මැක්රොන්ට ජන වරමක් හිමිවිය.
දෙවැනි වටයෙන් ජනාධිපති මැක්රෝන් පහසු ජයක් ලැබුවත් 1969 පසු ඡන්දය ලබා නොදුන් ප්‍රතිශතය ඉහළම අගයක් ගත් ඡන්දය මෙය බව මාධ්‍ය පෙන්වා දුන්නේය.
(රොයිටර්)