මැතිවරණයට ඔන්න මෙන්න: නවසීලන්ත අගමැතිට ‘කොවිඩ්’


නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොල්කින්ස් ට ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත.

නවසීලන්ත පාර්ලිමේන්තු මැතිවරණය තව සති දෙකකින් පැවැත්වෙන අතර, හොප්කින්ස් ආසාදිතයකු ලෙස හඳුනා ගැනීම සිදුවූයේ මැතිවරණ කටයුතුවල නියැලෙමින් සිටිද්දීය.

අවසන් සති දෙකේ, ක්‍රිස් හොල්කින්ස් ‘කොවිඩ් 19’ ආසාදිතයකු වී නිරෝධානයට වී සිටීම ඔහුගේ මැතිවරණ කටයුතුවලට විශාල බාධාවක් වනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

‘තමන් කොවිඩ් 19 ආසාදිතයකු බවත්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් තමන් නිරෝධානයට යොමු වුණු බවත්’ සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් හොප්කින්ස් පවසා තිබේ.