මැලේසියා මැතිවරණයෙන් කාටවත් බහුතරය නෑ


මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වුණු අතර, තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය දිනා ගැනීමට කිසිදු පක්ෂයක් සමත් වූයේ නැත.

මහ මැතිවරණයේ දී තියුණු සටනක් පැවැතියේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් ප්‍රමුඛ ඔහුගේ 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සහ හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රමුඛ ඔහුගේ 'ජාතික සන්ධානය' අතරේය.

මැලේසියානු පාර්ලිමේන්තුව ආසන 222 කින් සමන්විතය. ප්‍රතිඵල නිකුත් වී අවසන් වෙද්දී 'පක්ටාන් හරප්පාන්' සන්ධානය ආසන 82 ක් දිනාගෙන සිටි අතර 'ජාතික සන්ධානය' දිනා ගෙන සිටියේ ආසන 73 කි.

වත්මන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' දිනා ගත්තේ ආසන 30 ක් පමණි.

අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' ජනතා අප්‍රසාදයට පත් වූයේ එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙනි. 'බර්සියන් ජාතික සන්ධානය' මැලේසියාවේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ මැලේසියාවට නිදහස ලැබූ දා සිටය.

මැලේසියානු දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ නව හවුල් රජයක් පිහිටුවීමේදී 'බර්සියන් ජාතික සන්ධානය', 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සමඟ හෝ 'ජාතික සන්ධානය' සමඟ හෝ එක්වීමට ඉඩ ඇති බවය.

(ඒ.එෆ්.පී.)