මැලේසියාවේ නව රජු ලෙස ජොහෝර් හි පාලක සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් දිවුරුම් දුන්නේය.
දිවුරුම් දීමත් සමඟ සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් රාජත්වයට පත්වූයේ මැලේසියාවේ 17 වැනි රජු ලෙසය.
රාජ්‍යත්වයට පත් වීමට අදාළ උත්සවය පැවැත්වුණු අතර ඒ සඳහා මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රාහිම් ඇතුළු රජයේ නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.
සුල්තාන් ඊබ්‍රාහිම් ඉස්කන්දාර් මැලේසියාවේ දකුණු ප්‍රාන්තයෙන් රාජ්‍යත්වයට පත්වු දෙවන පාලකයා බව මැලේසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.