මැලේසියාවේ ඉන්දීය සංචාරකයන්ට සහනයක්


මැලේසියා රජය, එරට සිටින ඉන්දීය සංචාරකයන්ට දෙසැම්බර් පළමු වැනිදා සිට වීසා රහිතව, දින 30 ක කාලයක් රැඳී සිටීමට අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

මැලේසියානු රජය සහ එරට සංචාරක කටයුතු අමත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත්තේ එරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුනින්ය.

මාලදිවයිනට ඉන්දීය සංචාරකයෝ බහුලව පැමිණෙති. මෙම 2023 වසරේ පමණක්, ජනවාරි සිට ජූනි අවසානය දක්වා පැමිණි ඉන්දීය සංචාරකයන් ගණන 83,885 ක් බව මැලේසියානු සංචාරක අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.