මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක්ට වසර 12 ක සිර දඬුවමක්


මැලේසියාවේ හිටපු අගමැති නජිබ් රසාක් මහතාට වසර 12 ක සිර දඬුවමක් එරට මහාධිකරණය විසින් නියම කර තිබේ. 

ඩොරල් මිලියන ගණනක දූෂණ චෝදනා සම්බන්ධයෙන් සිදු කරන ලද නඩු විමසීමකදී ඔහුට ඉදිරිපත්ව තිබූ චෝදනා  වලට වැරදිකරු වීම ඊට හේතුව වේ.

සාපරාධී විශ්වාසය කඩකිරීම, මුදල් විශුද්ධිකරණය සහ බලය අයුතු ලෙස පරිහරණය කිරීම යන චෝදනා ඔහු වෙත එල්ල වී තිබුණත් තවදුරටත් තමන් නිවැරදිකරු බව ඔහු පවසා සිටියේය.

මැලේසියාවේ ආර්ථික සංවර්ධනය දියුණු කිරීම සඳහා පිහිටුවා ඇති මැලේසියානු සංවර්ධන අරමුදල (1MDB) සම්බන්ධ අපරාධ තුළින් ගෝලීය වංචා හා දූෂණ ජාලයක් හෙළි වී ඇත.

අරමුදලින් රිංගිට් මිලියන 42 ක් (ඩොලර් මිලියන 10) මුදලක් අගමැතිවරයාගේ පෞද්ගලික ගිණුම්වලට මාරුකිරීම සම්බන්ධයෙන් මොහු වරදකරු වී තිබේ.

හිටපු අගමැති නජිබ් රසාක් මහතා නියෝජනය කළ පක්ෂය වසර 61ක කාලයක් මැලේසියාවේ ආණ්ඩු බලය හොබවා ඇත.

2009 - 2018 දක්වා ඔහු අගමැති ධූරය හෙබවූ කාලයේ බලය අයුතු ලෙස භාවිතය සම්බන්ධයෙන් ද ඔහු වැරදිකරු වී තිබේ.

මෙම නඩුවේ සියලු සාක්ෂි සලකා බැලීමෙන් පසු සාධාරණ සැකයෙන් ඔබ්බට නඩුව ඔප්පු කිරීම සඳහා පැමිණිලි පාර්ශවය සමත් වී ඇතැයි පෙනී ගිය බව විනිසුරු නස්ලාන් මොහොමඞ් මහතා ප්‍රකාශ කළේය.

එම තීන්දුව පිළිගත නොහැති බැවින් ඊට අභියාචනයක් ඉදිරිපත් කරන  බව හිටපු අගමැතිවරයා පවසයි.

-226-

බීබීසී ඇසුරෙනි