සන්නද්ධ කැරළි කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හමුවේ මියන්මාර හමුදා පාලනය බිඳී යමින් පවතින බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
බීබීසී පුවත් සේවය වාර්තා කරන්නේ, මේ වනවිට මියන්මාර හමුදා පාලනයේ එරට භූමි ප්‍රමාණයෙන් හතරෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් පමණක් බවය.
පසුගිය මාස 12 තුළ මියන්මාරයේ සැලකිය යුතු භූමි ප්‍රමාණයක් කැරළිකාර කණ්ඩායම් විසින් අත්පත් කරගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, 2021 පෙබරවාරියේ දී හමුදා කුමන්ත්රණයකින් මියන්මාරයේ බලය අල්ලා ගත් දා සිට සන්නද්ධ කැරළිකාර කණ්ඩායම් ක්‍රියාකාරකම් වාර්තා වන බවය.