මියන්මාර හමුදා රජය, දේශපාලන සිරකරුවන් 6,000 ක් නිදහස් කිරීමට තීරණය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
එම 6,000 අතරේ විදේශිකයෝ තිදෙනෙක් ද වෙති. එම තිදෙනා නම්, බි්‍රතාන්‍යයේ හිටපු තානාපතිවරයකු, ජපාන චිත්‍රපට නිෂ්පාදකවරයකු සහ සිරදඬුවම් විඳින ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූකීගේ උපදේශකවරයකු ලෙස කටයුතු කළ ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකි.
මියන්මාර ජාතික දිනය සැමරීම නිමිත්තෙන් මෙමෙ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබා දීමට මියන්මාර රජය තීරණය කළ බව ද පැවැසෙයි.
මියන්මාර හමුදාව, ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී බලයෙන් නෙරපා රටේ පාලන බලය අත්පත් කර ගනිද්දී 16,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තේය.
(රොයිටර්)