මියන්මාරයේ රඛයින් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ෂෙල් වෙඩි ප්‍රහාරයකින් ළමුන්19දෙනකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
බුතිඩාන් නගරයේ ඛම්වේ චෞං ගම්මානයේ පාසලකට මෙලෙස ප්‍රහාර එල්ලවී ඇති අතර තුවාල ලැබූ අයගෙන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව සඳහන් වේ.
තම හමුදාවට කාලතුවක්කු නොමැති බවත් ප්‍රහාරය එල්ල කළේ තමන් විසින් නොවන බවත් ප්‍රදේශයේ ක්‍රියාත්මක අරකන් හමුදාවේ ප්‍රකාශකයකු පවසා ඇත.
රජයේ හමුදා විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.
බහුතරය බෞද්ධ වන අරකන් හමුදාව මියන්මාරයේ බටහිර කළාපය සඳහා ස්වංපාලන අයිතින් ඉල්ලා සිටිමින් මධ්‍යම රජය සමග සටන් කරයි.
පසුගිය දින කිහිපය තුළ රඛයින් ප්‍රාන්තයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීම හේතුවෙන් ජනතාව වඩාත් දුක්ඛිත තත්ත්වයට පත්වී ඇති බව මියන්මාරයේ බ්‍රිතාන්‍ය තානාපති ඩෑන් චුග් පැවසීය.
සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා උපරිම උත්සාහයක් ගන්නා ලෙසත් අන්තර්ජාල සීමා ඉවත් කරන ලෙසත් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය මියන්මාර රජයෙන් ඉල්ලා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)