මුදල් නෝට්ටු විසි කළ කාන්තාව අත්අඩංගුවට


නයි­ජී­රි­යාවේ සමාජ මාධ්‍ය­ අතර ජන­ප්‍රිය චරි­ත­යක් ලෙස සැලකෙන බොබ්රිස්කි අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මුදල් නෝට්ටු අවභාවිතයට ලක් කළේ යැයි එල්ල වන චෝදනා මුල්කොට ගනිමිනි.

පසු­ගි­යදා නයිජීරියාවේ ලාගොස් අගනුවර පැවැති චිත්‍ර­පට මංගල දර්ශනයක් අත­ර­තුර මුදල් නෝට්ටු වීසි කිරීම හේතු­වෙන් බොබ්රිස්කි මෙසේ ඇයව අත්අ­ඩං­ගු­වට ගැනුණි.

නයි­ජී­රි­යාවේ විවාහ උත්සවවලදීත්, වෙනත් උත්සවවලදීත්  මුදල් නෝට්ටු විසිකිරීම සාමාන්‍ය සිදුවීමකි.

එසේ වුවත්, බොබ්රිස්කි අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ එම අව­ස්ථාවේ ශාලාවේ සිටි අයගේ දෙපා­ව­ලට එම මුදල් නෝට්ටු පෑගී­ම හේතුවෙන් යැයි පැවැසෙයි.