ඇමෙරිකා එක්සත් ජනපදයේ මුදා ගැනීමේ අතරවාරයේ දී දරුවන් තිදෙනකු උපත ලබා ඇතැයි යු.එස්.ඒ. ටුඩේ පුවත්පත වාර්තා කරයි.
තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය අත්පත් කරගැනීමත් සමඟ ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවල් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ විය.
සිය පුරවැසියන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට සහාය දුන් ඇෆ්ගන් වැසියන් සහ ජීවිත තර්ජන ඇති ඇෆ්ගන් වැසියන් මෙලෙස මුදාගන්නා ලදි.
මෙලෙස මුදාගැනීම් සිදුවන අතරවාරයේ දී දරුවන් තිදෙනකු උපත ලබා ඇතැයි පෙන්ටගනයේ මාධ්‍ය ලේකම් ජෝන් කර්බි ඉකුත් දා පැවැසීය.
සී-17 හමුදා ගුවන් යානයකදී එක් දරුවකු උපත ලැබූ බවත් ජර්මනියේ රැම්ස්ටීන් ගුවන් කඳවුරේ රෝහලකදී තවත් දරුවන් දෙදෙනකු උපත ලැබූ බවත් හෙතෙම කීය.
ඔවුන් උපත ලැබුවේ ඇමෙරිකානු පුරවැසියන් ලෙස ද යන්න ගැන තමන් නොදන්නා බව ද හෙතෙම කීය.
ඇමෙරිකාවෙන් පිටත තිබෙන ඇමෙරිකාවට අයත් හමුදා කඳවුරු ඇමෙරිකානු භූමිය ලෙස නොසැලෙකන බවත් උපතේදී පුරවැසි අයිතියට ඒවා නොසලකන බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසි සහ සංක්‍රමණික සේවා කාර්යාංශය සඳහන් කළේය. ඇමෙරිකාවේ ලියාපදිංචි ගුවන් යානයක උපත ලැබුව ද එය ඇමෙරිකානු ගුවන් අවකාශයට පිටත කලාපයක් නම් උපත ලබන දරුවන් ඇමෙරිකානු පුරවැසියන් ලෙස නොසලකන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
යු.එස්.ඒ. ටුඩේ ඇසුරිනි