මුම්බායි ගුවන්තොටුපොළ වසා දැමේ


ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මුම්බායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමීමට බලධාරීන් අද (15) තීරණය කළේය.

ගුවන්තොටුපොළ බලධාරීන් මෙම තීරණය ගත්තේ, විශාඛාපට්ටම් සිට ආ ඉන්දීය අභ්‍යන්තර ගුවන් ගමන්වල නියැලෙන ගුවන් යානයක් මුම්බායි ගුවන්තොටුපොළට ගොඩබැසීමේ දී ලිස්සා යෑමෙනි.

ගුවන් යානය ලිස්සා යෑමෙන් සිදුවුණු අනතුරින් එක් නියමුවකු, සහාය නියමුවකු සහ යානයේ සිටි මගීන් 6 දෙනකු තුවාල ලැබූ බව වාර්තා වේ. ඔවුන් සියලු දෙනා කඩිනමින් රෝහල් ගත කළ බව ද පැවැසිණි.