මෙක්සිකෝවේ බටහිර මිකොආකාන් ප්‍රාන්තයේ සෙන්ට් ලූකස් නගර සභා බල ප්‍රදේශයේ තිබී පුද්ගලයන් 12දෙනකුගේ සිරුරු හමුවී ඇතැයි වාර්තා වේ.
වෙඩි වැදීමෙන් සිදුවූ තුවාල සහිත මෙම සිරුරු, අතහැර දමා තිබූ ට්‍රක් රථයක තිබී හමුවී ඇත.
මිකොආකාන් ප්‍රාන්තයේ නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මොවුන් කවුරුන්දැයි හඳුනා ගෙන නොමැති බවයි.
ට්‍රක් රථය, පසුගිය වසරේදී මෙක්සිකෝවෙන් සොරකම් කරන ලද එකක් බවත් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසයි.
මිකොආකන් ප්‍රාන්තය ප්‍රචණ්ඩ ක්‍රියා බහුලව සිදුවන මත්දුව්‍ය ජාවාරම්කරුවන් ගැවසෙන ප්‍රදේශයකි.
(රොයිටර් ඇසුරිණි - 085)
මෙක්සිකොවේ මිකොආකන් ප්‍රාන්තයේ ට්‍රක් රථයක සිරුරු 12ක් තිබී හමුවේ
Recommended Articles