මෙක්සිකෝ තැබෑරුමක වෙඩි තැබීමකින් 10 ක් මරුට


මෙක්සිකෝවේ ගුවන්ජුවාටෝ පළාතේ තැබෑරුමක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි.

‘එල් එස්ටාඩියෝ’ නමැති එම තැබෑරුමේ වෙඩි තැබීම සිදුවූයේ රාත්‍රී 11 ට පමණය. මියගිය පිරස අතර පිරිමින් 7 දෙනකු සහ කාන්තාවන් තිදෙනකු සිටින බව පැවැසෙයි.

සන්නද්ධ කණ්ඩායමක් පැමිණ වෙඩි තැබීම සිදු කර තිබේ. එය අපරාධ කල්ලි සාමාජිකයන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි පොලිසිය පවසයි.

(රොයිටර්)