මෙක්සිකෝවේ පිටිසරබද කුඩා ගම්මානයක, නගරාධිපතිවරයකු කිඹුලකු සමඟ චාරිත්‍රාණුකූල ආකාරයේ විවාහයක් සිදුවුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය, ගෝත්‍රික සම්භවයක් ඇති නගර වැසියන්ගේ සාම්ප්‍රදායික චාරිත්‍රයකට අනුව සිදුවුණු විවාහයකි. ඉතාමත් වර්ණවත් අන්දමින් පැවැත්වුණු විවාහ මංගල උත්සවයට සියලු දෙනා සහභාගී වූයේ සාම්ප්‍රදායික ඇඳුම්වලින් සැරැසෙමිනි.
කිඹුලිය සමඟ පැවැති විවාහ උත්සවයෙන් පසු සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ නගරාධිපති හියුගෝ සෝසා කිඹුලියට හාදුවක් ද දුන් බව පැවැසෙයි.
සැන් පේද්‍රෝ හුවාමෙලුවා නගරයේ ගෝත්‍රික වැසියන් විශ්වාස කරන්නේ නගරයේ නගරාධිපතිතුමා සහ කිඹුලියක අතරේ විවාහයක් සිදුවුවහොත් නිසි කලට වැසි ලැබීම, ගොවිතැන් කටයුතු සරුවීම ආදිය යහපත් අයුරින් සිදුවන බවය.
(රොයිටර්)