මෙක්සිකෝවේ බටහිර මිචෝකන් පළාතේ ඉදිකිරීම් වැඩබිමක තිබී මළ සිරුරු 24ක් සොයාගත් බව එරට බලධාරීහු පවසති.
පොලිසිය පවසන්නේ මේවා මත්ද්‍රව්‍ය ආශ්‍රිත ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිදුවූ මරණ බවයි.
පොලිසිය වැඩිදුරටත් පවසන්නේ එලෙස මරා දමා ඇත්තේ වයස අවුරුදු 20ත් 40ත් අතර පිරිසක් බවයි. මියගිය අය අතර කාන්තාවන් පස්දෙනකු ද සිටින බව සඳහන් වේ.
සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් සිරුරු සඟවා තිබූ ස්ථානය සොයාගැනීමට හැකිවී ඇත.
ලාභදායී මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ප්‍රතිවාදී අපරාධ කණ්ඩායම් සටන් වදින බැවින් මෑත කාලයේදී මිචෝකන් ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බව මාධ්‍ය සඳහන් කර තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
මෙක්සිකෝවේ මිචොකන් පළාතේ වැඩබිමක මළ සිරුරු 24 ක්
Recommended Articles