(විමුක්ති එස් රුද්‍රිගු)
කටාර් හි පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන අවස්ථාවේදී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී නැවතී සිටි කටාර් විශ්ව විද්‍යාලයේ කාමරය ආර්ජන්ටිනා කණ්ඩායම ලැබූ සාර්ථකත්වය නිසාවෙන් කුඩා කෞතුකාගාරයකට පරිවර්තනය කිරීමට කටාර් බලධාරීන් තීරණය කර ඇතැයි ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
මෙසී ගේ පාපන්දු ජීවිතයේ වැදගත් සන්ධිස්ථානයක් වන ලෝක පාපන්දු කුසලානය ජයග්‍රහණය කිරීම මේ තීරණය හේතුවෙන් පාපන්දු ක්‍රීඩා ලෝලීන්ගේ සිත් තුළ සදාකල් මතකයේ රැඳෙනු ඇතැයි කටාර් බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ලොව විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා ලෙස සැලකෙන මෙසී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම කරා ගිය ගමනේදී තරඟ අතර ඔහු කාලය ගත කළ අයුරු ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව කටාර් බලධාරීන් පෙන්වා දී ඇත.