බටහිර යුරෝපීය රටක් වන මොනාකෝ හි රජු වන ඇල්බට් කුමරුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
කෙසේවුවද කුමරුගේ සෞඛ්‍ය යහපත් බව ඔහුගේ කාර්යාලය පවසයි.
ඇල්බට් කුමරු සිය පෞද්ගලික මහල් නිවාසයේ සිට රාජකාරී කටයුතු සිදුකරමින් සිටින බව ද සඳහන් වේ.
62 හැවිරිදි ඇල්බට් කුමරු සියවස් ගණනක් පැරණි ග්‍රිමල්ඩි මන්දිරයේ ප්‍රධානියා වන අතර දිවංගත රයිනර් III කුමරුගේ සහ නිලි ග්‍රේස් කෙලීගේ පුත්‍රයාය.ඔහු 2005 දී සිහසුනට පත්විය.
2011 දී දකුණු අප්‍රිකාවේ හිටපු ජාතික පිහිනුම් ශූර චාලීන් විට්ස්ටොක් සමඟ විවාහ වූ අතර ඔවුන්ට දරුවන් දෙදෙනකු සිටියි.
යුරෝපා සංගමයේ ප්‍රධානියෙකු වන මිචෙල් බාර්නියර් ද අද (19) කියා සිටියේ තමාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවයි.
ඔස්කාර් සම්මානලාභී නළු ටොම් හැන්ක්ස් සහ ඔහුගේ බිරිඳ නිලි රීටා විල්සන් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සොෆී ද වෛරසය සඳහා ආසාදනය වූ ප්‍රසිද්ධ පුද්ගලයින් අතර විය.
කොරෝනා වයිරසය ලොව පුරා පුද්ගලයින් 219,000 කට ආසාදනය වී ඇති අතර මරණ සංඛ්‍යාව 8,900 ඉක්මවා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)